එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් 2018 වර්ෂයේදී සෑම වසරකම ජුනි 30 වැනිදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය ලෙස නිල වශයෙන් නම් කර ඇත.
ඒ අනුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු අග්‍රාමාත්‍ය අමිල තාරුක විසින් 2024 ජූලි මස 03 වන බදාදා එනම් අද දින ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනයට සමගාමීව ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වී ක්‍රමිකව විකාශනය වීම, ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි දක්වන දායකත්වය පිළිබඳව සැරියුත් සිසු දරුවන් අමතා සඳහන් කරන ලදී.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
“පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මස පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 90 දෙනෙකු තෝරා ගත් නමුදු, කාලයාගේ ඇවෑමෙන් පෙර වසරේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් මේ වන විට පාසල හැර දා යාමෙන් මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 90 සිට 55 තෙක් අඩු වී ඇත. එම නිසා අමාත්‍යාංශ උපදේශක කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් වර්ග කිරීමේ දී එක් අමාත්‍යාංශයකට මන්ත්‍රීවරු තිදෙනෙක් තරම් ඉතාමත් අඩු ගණනක් පත් කිරීමට සිදු වී තිබීම ගැටලු සහගත තත්ත්වයකට මුල පුරා ඇත.
එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ 03/2019 චක්‍රලේඛයේ සඳහන් අමාත්‍යාංශ සංශෝධනය කිරීමටත්, නව අමාත්‍යාංශ සඳහා මන්ත්‍රීවරුන් නොවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සහභාගී කරවා ගැනීමටත් අප තීරණය කර ඇත.”
“මාතර ශාරිපුත්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව යනු විද්‍යාලයේ පවත්නා වැඩිම ශිෂ්‍ය සහභාගීත්වයක් ඇති විශාලතම මෙන් ම විධිමත්ම ශිෂ්‍ය ආයතනයයි. මා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයත්, මන්ත්‍රීවරුත් සෑම අවස්ථාවකදීම සැරියුත් සිසු දරුවන්ගේ අපේක්ෂා මල් ඵල ගැන්වීමටත්, අධ්‍යාපනයට, ථේරවාදී බුදු දහම හා බැඳුණු සංස්කෘතියට සහ මූල්‍ය කළමනාකරණයට මුල් තැන දී ශක්තිමත් මෙන් ම කාර්යක්ෂම පාලනයක් පවත්වාගෙන යාම කෙරේ කටයුතු කර තිබීම සතුටු දායක තත්ත්වයකි.”
මෙම අවස්ථාව සඳහා පූජ්‍යපාද විටියල සෝමානන්ද හිමි, විද්‍යාලයීය විදුහල්පති ඩී. බී. එම්. වසන්තා මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති එච්. බී. චන්ද්‍රලාල් මහතා, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.