අධ්‍යාපන අමාත්‍යාංශයේ 03/ 2019 චක්‍රලේඛය ප්‍රකාරව ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අග්‍රාමාත්‍යවරයෙක් වන්නේ ය.


"මාතර ශාරිපුත්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයෙක් වන්නේ ය. අග්‍රාමාත්‍යවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දේශපාලන විධායකයේ ප්‍රධානියා ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය."

                                   - අග්‍රාමාත්‍ය විධායක නියෝග - අංක 01/ 2024 (1.2) (2024.07.01)


ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකින් තේරී පත්වන්නා වූ නව මන්ත්‍රීවරුන් විසින්, මංගල පාර්ලිමේන්තු සභාවාරයේ දී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගනී.


අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය -

  • ශිෂ්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ මූලාසනය හෙබවීම.
  • පාර්ලිමේන්තු ව්‍යවස්ථාව සම්පාදනය කිරීම, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවා ගැනීම.
  • අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන්, අමාත්‍ය මණ්ඩල රැස්වීම් කැඳවීම, එහි මූලාසනය දැරීම හා අමාත්‍යවරුන්ගේ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීම.
  • අමාත්‍යාංශ සම්බන්ධීකරණය.
  • පාර්ලිමේන්තුවේ මූල්‍ය කටයුතු පවත්වා ගෙන යාම හා වර්ගීකරණය.

  • මීට අමතරව අග්‍රාමාත්‍යවරයා -
  • 1. මුදල් හා ජාතික ප්‍රතිපත්ති
  • 2. ආරක්ෂක
  • 3.බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
  •  යන අමාත්‍ය ධුර ත්‍රිත්වය  නිලබලයෙන් දරනු ලැබේ.
I BUILT MY SITE FOR FREE USING